කව්ද මේ ඝර ගෝලිකා කියන්නේ ?
ඝර ගෝලිකා හෙවත් සරබු යනුවෙන් පාලියේදී හඳුන්වන්නේ හූනාය. හූනා කිව්වම හැමෝටම මතක් වෙන දෙයක් තමයි හූනු සාස්තරේ. මේ ලිපියෙන් අද කියන්න හඳන්නේ හූනු සාස්තරේ පටන් ගත්තෙ කොහොමද සහ එහි සත්‍යතාවක් තිබේද යන්න පිළිබඳව. හූනු ශාස්ත්‍රය ආරම්භ වූ සැටි...
නිරන්තරයෙන් චුක් චුක් ගාමින් හඬන හූනාගේ ශාස්ත්‍රයේ ආරම්භය පිළිබඳව අපූරු ජන කතාවක් තිබේ.
" පෙර දවස ශාස්ත්‍ර කීමේ දක්ෂ බමුණෙක් විසුවේය. ශාස්ත්‍ර කීමෙන් ජීවිකාව ගත කළ හේ මරණාසන්න මොහොතේ දී සිය දිව කපා ඇඹණිය අතට දී මෙසේ කීවේය. මා මළ පසුව නුඹටත් දරුවන්ටත් මා ජීවත් වූ කාලයේදී වගේ ම මුදල් උපයා ගැනීමට ශාස්ත්‍ර කියන්න පටන් ගන්න. ශාස්ත්‍ර කියන්නට පටන් ගන්නා විට දිව කටේ තබා ගත් විට ශාස්ත්‍ර කීමේ නුවණ පහළ වන බවත්, එයින් පසු එය නැවත පසෙකින් තබන ලෙසත් පවසා බමුණා මිය ගියේය. තත් වූ පරිදි ශාස්ත්‍ර කියන්න පටන් ගත් බැමිණිය බමුණාගේ දිව ගෙයි බාපත උඩ තබන්නීය. මේ දිව දිනක් හූනෙකු විසින් කන ලදී. එතැන් සිට එම හූනාටද ශාස්ත්‍ර කීමේ හැකියාව ලැබිණි. හූනන්ට ශාස්ත්‍ර කීමේ හැකියාව ලැබිණි. හූනන්ට ශාස්ත්‍ර කීමේ හැකියාව ඇතැයි යන විශ්වාසය ගොඩ නැගුනේ එදා සිටය."
හූනු ශාස්ත්‍රය පිළිබඳ ගැමියාගේ විශ්වාසය ...
අද වන විට හූනු පලඵල පංචාංග ලිත් ඇතුළු කෘතිවල දක්නට ලැබීමෙන් මෙය කොතරම් දුරට ජනතාව අතර මුල් බැසගෙන තිබේද යන්න පැහැදිලි වේ. යමක් කල් තියා පවසා පසුව එය සත්‍ය වූ විට "මම කිව්වේ හූනා කියන්නා වාගේ" වැනි වදන් ගැමියා අතර ගොඩනැගුණේ ද ඒ කරුණ නිසාය. නුවරකලාවියේ වැසියන් හූනාගේ හැඬීමෙන් අසුබ බාධා පමණක් දකින අතර , සුබ බාධක ගැන නොතකා සිටීම විශේෂ කරුණකි.
රාත්‍රියේ පැල් යාමට සූදානම් ව මිදුලට බසින විට හූනා හැඬීම බාධාවකි. එයින් කිසිවක් අමතක වී ඇති බව අනුමාන කරනු ලබයි. අමතක වී ඇත්තේ රෑ පැලේදී තේ බීමට ගෙන යන සීනි මුල නම් එය මතක් කර දීමට හූනාගේ හැඬීම සමත් වේ. එය සුබ බාධාවක් වුවද මෙවන් අවස්ථාවක වියපත් ගවයෙකුට වතුර බීමට යන වේලාවක් පමා වී යාම ඔවුන්ගේ සිරිතය. අසුබ බාධා ලෙස ඔවුන් සලකන්නේ කිසිවක් අමතක නොවී තිබියදීත් හුනා හැඬීමය. එබඳු අවස්තාවක එම කටයුත්ත නොකර සිටීම හෝ කල් දැමීම ගැමියා සිදු කරනු ලබයි.
ඇතැමුන් හූනු ශාස්ත්‍රය උපහාසයට ලක් කරන අවස්ථා ද නැතුවාම නොවේ. නිදසුන් ලෙස:
"ශාස්ත්‍ර කියන්ඩ දන්නවනම් හූනා වේලිච්ච පොල් අත්තේ බිත්තර දානවද?" යනුවෙන් පවසන්නේ උපහාසාත්මකවය.
පොදුවේ ගත් කළ ප්‍රාදේශීය භේදයකින් තොරව හූනු ශාස්ත්‍රය පිළිබඳව විශ්වාස කරනු ලබයි. හූනා හඬන දවස, වේලාව හා දිසාව අනුව ඵල විපාක තීරණය වන බවත් මොවුන් පොදුවේ පිළිගත් මතයකි. පුරාතන සමාජයේ ද හූනු ශාස්ත්‍රය පිළිබඳ විශ්වාස පැවති බවට චිරන්තන සාහිත්‍යයෙන් සාධක ලැබේ.
නිදසුන් ලෙස
" එන කලැ සුහුණු වැලැකි යැ" පෙන්වා දිය හැකිය.
මෙහි දැක්වෙන්නේ බුත්සරණේ එන වෙසතුරු දා කතාවෙහි මද්‍රිය දේවිය දුර්නිමිත්තක් දක්වා තිබීමයි. එමඟින් ඔවුන් අතර ද හූනු ශාස්ත්‍රය භාවිතයේ යෙදුන බව නිගමනය කළ හැකිය.
හූනන් ඇගට වැටුණු විට ඇතිවන සුබ අසුබ ඵල...
හූනන් ඇගට වැටීමෙන් සුබ ඵල මෙන්ම අසුබ ඵලද හිමිවේ. එමඟින් ඇතිවන අනිටු ඵල පිළිබඳව ගැමියන් තුළ ඇත්තේ මහත් බියකි. ඔවුන් විශ්වාස කළ ආකාරයට හූනන් වැටෙන් ස්ථානය අනුව දක්වන ලද ඵල විපාක මෙසේය.
හිසකෙස් - කෝලාහල
නළල - යස
ඉසුරු
ඇස් -
බය
නාසය - රෝග
නිකට - රාජ
බය
උඩු
තොළ - වස්තු විනාශය
යටි
තොළ - වස්තු ලාභ
කණ - දීර්ඝායුෂ
හා අලාභ
බෙල්ල - මිතුරන්
පැමිණීම
බාහු - නිරෝගි
බව
වම්
මැණික් කටුව - යස
ඉසුරු
දකුණූ
මැණීක් කටුව - පීඩා
අත් -
නරක විපත්
පපුව -
ධන ලාභ
නාභිය - රත්‍රං
ලාභ
වම්
ඇලය - ආයු වර්ධනය
දකුණු
ඇලය - විපත්
පිට
කොන්ද -
ද්‍රව්‍ය විනාශය
පිට -
මහත් ලාභ
ලිංගය - දිළිදු
බව
යෝනිය - ස්වාමියාට හෝ භාර්‍යාවට
විපත්
ගුදය -
වස්තු හානි
කලවා -
පියාට
අයස
දෙ
දණ -
අඩ
දබර
කෙණ්ඩා - රෝග
බය
පාද - ලෙඩ
දුක්
එසේම ශරීරයට හූනෙක් වැටී ඌ ශරීරය දිගේ දිව යාම දීර්ඝායුෂ හා සැප ලැබීමේ නිමිත්තක් ලෙස සලකනු ලැබේ.
හින්දු ආගමික විශ්වාසයන් වලට අනුව ශරීරයේ කොටස් මතට වැටෙන හුනන්ට විශේෂ සංකේත වාදයක් සහ ආධ්‍යාත්මික වැදගත් කමක් තිබේ. එසේම ඇතැම් හින්දු කෘතීන් වලට අනුව හූනන් ලක්ෂ්මි දේවතාවියගේ අවතාරයක් ලෙසද හඳුන්වනු ලබයි.
මෙහි ඇති විද්‍යාත්මක පසුබිම...
මේ සම්බන්ධයෙන් විද්‍යාත්මකව සලකන විට ඔවුන් උඩු වහලයේ පවා බිමට නොවැටී ගමන් කරන්නේ කෙසේද යන්න පිළිදව ප්‍රශ්නයක් මතු වනු ඇත. මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් බලන විට එසේ ගමන් කරන්නේ ඔවුන්ගේ පාද වල ඇති කෙඳි විශේෂයක ආධාරයෙන් බව ගම්‍ය වේ. ඒ අනුව ගමන් කරන විට කෙදි වල දෝශයක් මතු වුවහොත් හූනා එයින් බිමට වැටේ. හූනා යනු සත්ත්ව කොට්ඨාසයේ එක් ජීවියෙක් වන අතර මිනිසාට බාධා කිරීමට මිනිසුන්ගේ ජීවිතය සම්බන්ධයෙන් අනාවැකි සිදු කිරීමට කිසිදු හැකියාවක් නොමැත. නමුත් එම මිත්‍යා මතය අදටත් සමාජයේ මුල් බැසගෙන තිබේ.
මූලාශ්‍ර :
නුවරකලාවියේ නිමිති-ඔරුමාකුලමේ චන්දන,බිහිරි විද්‍යාලයීය මුද්‍රණාලය,රත්මලාන,1992.